12- යහපත් ගුණාංග

ඉස්ලාම් යන්නෙහි වචනාර්ථය ශාන්තිය, සමාදානය යන්නයි. ඉස්ලාමිය කzියාමාර්ගය අනුව ජීවත් වන්නවූන් හට සාමදානයෙන් ජීවත් විය හැකිය. මෙලොවෙහි සහ පරලොවෙහිදී ශාන්තිය ලබාගැනීමට එකම මාර්ගය ඉස්සාමිය කzියා මාර්ගය පිළිපැදීමයි. ‘මිනිසාගේ විමුක්තිය ඔහුගේ හොඳ කzියාවයි’ කියා නබිනායකයාණන් පවසා ඇත. මොලාවෙහි සාමදානයෙන් ආදරයෙන් ජීවත් වෙමින් පින් කළ අය පරලොවෙදී සුවර්ගයෙහිදී පzීතිවත් ජීවිතයක් ලබා ගනී. එමෙන්ම පව්කළ අය නොයෙකුත් වද වේදනා සහිත අපායක් ලබා ගනී.

මිනිසා මිනිසාට ආදරය දැක්විය යුතුය. තමාට හැකි අන්දමින් අන් අයට උදව් උපකාර කළ යුතුය. කිසිවෙකුට කිසිසේත් අපරාධයක් නොකළ යුතුය. මක්කම ජයගත් නබි නායකතුම්ණන්ට මක්කම වාසීන් සියල්ලන්හටම දXුවම් දිය හැකිව තිබිණ. නබිනයකයානන් හට සතුරන් විසින් කළ නොයෙකුත් අපරාධ වලට හැකිතාක් පලි ගැනීම් කරන්නටද අවස්ථාව තිබින නමුත් නබිනායක තුමානෝ ඒ සියල්ලන්ටම ආදරය දැක්වූහ. ඔවුන් විසින් කරන ලද සියZම වැරදි වලට සමාව දෙන ලදී. සතුරන්ගේ බඩු බාහිරාදිය තමාගේ වීරයින් විසින් සොරකම් කිරීම හෝ නබිනායකතුමාණෝ අනුමත නොකළහ. වීරයින් විසින් තම තමන්ව මරා දමතායි යන බීයෙන් කුෙරෙෂිවරු නබි නායකයානන් වෙනට ගිෙයෝය. ‘ඔබ හැම මට නොයෙකුත් අපරාධ කර ඇත. මගෙන් කුමක් බලාපොරොත්තුවන්නේ දැය්’ නබිනායකතුමාණෝ ඔවුන්ගෙන් විමසූහ. එවිට ඔව්හු ‘ආදරය බලාපොරොත්තු වෙමු’යි කියා උත්තර දුන්නෝය. ‘ඔව්, මගේ ආදරය ඔබ හැම වෙත ලැබේ. ඔබ හැම ආරක්ෂා සහිතය. ඔබ හැමට නිදහස දෙවි’යි කියා නබිනායකතුමාණෝ පැවසූවෝය. යුද්ධයකින් ජය ලැබූ අය පරාජය ලැබූ අය වෙත කිසිම ආදරයක් දක්වන්නේ නැත. තමුත් නබිනායකතුමාණන්ගේ දයාවේ සහ ගුණවත්බවේ සීමාවක් නොවීය.

නබිනායකතුමාණෝ ඉතා සාමාන්‍ය මිනිසෙකු ලෙස කටයුතු කළෝය. චාම් ඇඳුම් ඇන්දෝය. තමාගේ ඇඳුම් හෝ සපතු මැසීම තමා විසින්ය කරගන්නා ලදී. ඉතා සාමාන්‍ය කෑම අනුබව කළෝය. රටඉඳි ඔටු කිරි එතුමාණෝ පzිය කළෝය. බාලයින් අනාථයින් වෙත කරුණාව දැක්වූහ. බාලයෙකු හෝ අනාථ අරුවෙකු දුටුවීට ආදරයෙන් කථාබහ කිරීමට අමතක නොකළෝය. දිළිඳු අය සමග ආකරයෙන් හැසිරිය යුතු බවත් ඔවුන්ට ආදරය දක්වීමෙන් දෙවියන් ඔබට හොඳින් ආදරය දක්වන්නේය. යයි තම භාර්යාව වන ආයිෂාට එතුමාණෝ පවසූහ. සියZම මිනිසුන් සමග නබි නායකතුමෝ ආදරයෙන් යුතුව හැසිරුනාහ. තිරිසන් සතුන්ට සහ පක්ෂියන්ට පවා නබි නායකතුමාණෝ ආදරය දැක්වූහ. ඔවුන්ට වද හිංසා නොකළ යුතු යයි නබිනායතුමන් පවසා ඇත.

නබිනායකතුමාණෝ කිසි දිනෙක බොරු කීවේනැත. කිසිවකුගේ ෙÞස් කථාකළේ නැත. සතුරන්ට පවා සාප නොකළෝය. එක් දිනෙක රුක් සෙවනක නබිනායකතුමාණෝ නිÞ සිටියහ. එතැනට පැමිණි හතුරෙක් එතුමා අවදි කළේය. කඩුවක් පෙන්වා තර්ජනය කොට ‘දැන් මගෙන් ඔබ බේරා ගත්තේ කවුදැයි’ ඇසීය. එව්ට අල්ලාහ් මාව ඛෙරා ගනීවී කියා නබිනායකතුමාණෝ පිළිතුරු දුන්හ. එවිට සතුරාගේ සිතතුල බියක් ඇති විය. ඔහු වෙවිලිය. අතේ තිබුන කඩුව බිමට වැටුණි. නබිනායකතුමාණෝ එම කඩුව රැගෙන ‘ඔබ ඛෙරාගන්නේ කවුදැයි’ පzශ්න කළහ. නබි නායකකයා එම ‘කවුරුත්ම නැතැයි’ කියා සතුරා උත්තර දුන්නේය. එසේ නම් ආදරයෙන් යුතුව හැසිරිමට මගෙන් ඉගෙන ගන්නැයි එම කඩුව සතුරාට ආපසු බාර දුන්හ. මෙම සිද්ධියෙන් නබිනායකයාණන් දෙවියන්ගේ සැබැ දූතයෙක් බව තේරුම් ගත් සතුරා ඉසිලාම් ආගම වැලඳ ගත්තේය.

මිනිසුන් හොඳ මිනිසුන් ලෙසම සිටිය යුතු බව ඉස්ලාම් ආගම කියයි. කිසිවෙකුටත් අපරාධ නොකළ යුතුය. අන් අය සතුදේ සොරකම් නොකළ යුතුය. බොරු කීමෙන් වැළකිය යුතුය. මොහොතත් වත් සිත තුළ නරක සිතුවිලි ඇති නොකරගත යුතුය. දුප්පත් නැතිබැරි අයටත් දුර්වලයන්ටත් විශේෂයෙන් ආදරය දැක්විය යුතුය. ඉහත සඳහන් කරුණ ඉස්ලාම් ආගමේ පැහැදිළිව දක්වා ඇත.

දුප්පත් පොහොසත් යනුවෙන් වෙනසක් නොදැක් විය යුතුය. පොහොසත් අය දුප්පතුන්ට උදව් කළ යුතුය. සියලුම මුසුලිම්වරුන් එක හා සමාන සහෝදරයින් නිසා සියල්ලන්ම එකිනෙකාට ආදරය දක්වමින් හැකි සෑම ආකාරයකින්ම උදව් කිරීම ඉතා වැදගත් යුතුකමකි.
අල්ලාහ් විසින් ලෝකය හොඳමග යැවීම සඳහා පහළ කළ දූතයන්ගෙන් මුහම්මද් නබිරජාණෝ අවසාන දූතයාය. උන්වහන්සේ විස්න් ලෝකයාට ඉතා සුදුසු මාර්ගය පෙන්වා දෙන ලදී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: