16- අමතර විස්තර

ඉස්ලාම් ආගමෙහි දෙවියන්ගේ ඒකීය භාවය වැදගත් කරුණකි. අල්ලාහ් යනු එකම දෙවි කෙනෙකු පමණි. අල් කුර්ආන්හි ද ‘කුල් හුවල්ලාහු අහද්’ කමැති වාඛ්‍යයෙන් අල්ලාහ් එකම දෙවිකෙනෙකු බව සඳහන් වී ඇත. දෙවියන් ඒ කීයසි. ඔහු අන්ය උදවි උපහාර නොලබයි. ඔහුට දෙමව්පියන් දූ දරුවන් හෝ භාර්යාවක් නොමැත. මේ සියල්ල ඇත්තේ උප්පත්තියක් ලැබූ කෙනෙක්ට පමණි. ලෝකයේ සියලු දේ මැවු මහා සර්වබලධාරි අල්ලාහ්ට මේ කිසිවක් අවශ්‍ය නොවේ.

නබි නායකයාණන්ගේ නාමය ඇසූ විට සලවාත් කීම යුතුකමකි. සලවාත් යන්නෙහි අර්ථය වන්නේ අල්ලාහ්ගේ කරුණාව යන්නයි. මුහම්මද් නබිතුමාණන්ගේ නාමය කිසිවෙක් පzකාශ කළහොත් එය ඇසූ පමණින් ‘සල්ලල්ලාහු අෙලෙහිස් සල්ලාම්’ කියා සලවාත් කීම යුතුකමකි. එහි අර්ථය වන්නේ අල්ලාහ්ගේ කරුණාව හා ශාන්තිය එතුමන් වෙන ලැබේවා යන්නයි. මලාඉකා නමැති දේවදූතයන්ගේ නාමය සහ පෙර විසූ නබිවරුන් ගේ නම් සඳහන් කිරීම ඇසූ විටද ‘අෙලෙහිස්සලාම්’ කියා පැවසිය යුතුය. අල්ලාහ්ගේ ශාන්තිය ඔහුට ලැබේවායි කීම එහි අර්ථයයි. නබි නායකයන්ගේ හිත මිතzයින් නම් සඳහන් වූ කළ ද ‘රලියල්ලාහු අන්හු’ කියා පැවසිය යුතුය. එහි අර්ථය වන්නේ ‘ඔවුන් ගැන අල්ලාහ් තෘප්තියට පත්වේවායි’ යන්නයි. ආගම සම්බන්ධයෙන් උÞර සේවයක් කළ උතුමන්ට ගෞරවය දැන්වීම අපේ යුතුකමක් වන්නෙය.

කතුවරයා ගැන…     ශzී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පzවෘත්ති අංශයේ කාර්ය භාර කර්තෘ ලෙස සේවය කළ එස්. එම්. හනි පො මහතා විසින් මෙම පොත ලියන ලදී. මොහු මීට පෙර වර්ෂ දහයක පමණ කාලයක් තිනකරන්, ඔබ්සවර්, ඩේලිනිවස් යන පzවෘත්ති පතzවල සහකාර කර්තෘවරයෙකු ලෙස ද සේවය කර ඇත. අවුරුදු පහක පමණ කාලයක් පාසැල් ගුරුවරයෙකු වශයෙන්ද සෝවය කර ඇත.

මහනුවරට සැතපුම් ෙÞළොහක් ඔබ්ඛෙහි පිහිටි ගල්හින්න ගzාමයෙහි උපත ලැබූ ඔහු එවකට ගල්හින්න කමාලියා මුස්ලිම් විදුහල නමින් හැඳින්වූ දෙමළ මාධ්‍ය පාසලක මූලික අධ්‍යාපනය ලැවීය. ඉන්යසු මාතලේ විජය විදුහලයෙහිදී ඉංගzීසි අධ්‍යාපනය ලබා අනතුරුව මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේදී ද කොළඹ සහිරා විදුහලේදී ද වැඩිපුර අධ්‍යාපනය ලැබීය. පසුව ශzී ලංකා විශ්ව විද්‍යලයේ සාමාන්‍ය කලාවේදී උපාධිය ලබාගත් ඔහු ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හÞරා නීතිඥයෙක් විය.

අධ්‍යාපනය ලැබූ කාලයේදී මොහු නොයෙක් සමිති සමාගම්වල පzධානත්වය ඉසිලීය. නොයෙක් ත්‍යාග ලැබීය. කොළඹ සහිරා වදුහලේ දී විශිෂ්ඨතම ශිෂ්‍යාට ලැඛෙන රන් පදක්කම ලබාගැනීමටද සමත්විය. පෙAරාදෙනිය ශzී ලංකා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයේ දෙමළ සංගමයේ ‘ලංකාදීර්’ සඟරාවේ කර්තෘත්වය ද ඉසිලීය.ඉන්දියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනිසායාව, එක්සත් රාජධානිය ආදී විශේෂ රටවල ඔහු සංචාරය කර ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: