3- නබිතුමාණන්ගේ උපත

අරාබි දේශය අද එකම රජෙකුගේ පාලනය යටතේ පවතී. නමුත් අතීතයෙහි පාලනහ නොයෙකුත් පවුල් බලධාරින් අත පැවතුණි. එවැනි පවුල් බොහොමයක් එවකට විය. රටේ විවිධ පzාන්ත විවිධ කණ්ඩායම් විසින් පාලනය කරන ලදී. ඔවුන් අතර කිසිම දිනක සාමÞනයක් නම් නොවීය. එක් කණ්ඩායමක් සමග තවත් කණ්ඩායමක් සÞකල්හිම යුද්ධයේ පැටලි සිටියෝය. ඕනෑම සුZ කරුණක් විසඳා ගැනීමට වුවද ඔව්හු එකිනෙකාට විරුද්ධව යුදවදුනහ. අවුරුදු ගණනාවක් මෙම යුද්ධ නොකඩවා පැවතිනි.
එම වකවානුවේ හිජාස් කමැති පzදේශයේ ‘කුරයිෂි’ වංශයට අයත් අය ජීවත් වූහ. මෙම පzදේශයේ මක්කම නගරයේ කඃබා නමැති ඉතා පැරණී දේවස්ථානයක් විය. අවුරුදු දහස් ගණනකට පෙර නබි ඉබ්රාහිම් තුමාණෝ එකම දෙවියක් වැඳීමට මෙම දේවස්ථානය තැනුවෝය. කුරයිෂි වංශයේ අය මෙම දේවස්ථානයේ පාලකයන් වශයෙන් කටයුතු කළ නිසා අනෙක් පවුල් වලට අයත් උදවිය ඔවුන් හට ගෞරව දැක්වූහ.

එක් සමයකදී අබ්දුල් මුත්තලිබ් නමැත්තා කුරයිෂි පවුලේ පzධානියා විය. ඔහුට දරුවන් කීප දෙනෙක් විය. ඔහුන් අබ්දුල්ලා නමැති පුතාට වැඩි ආදරයන් දැක්විය. අබ්දුල්ලා ව්‍යාපාර කටයුතු සඳහා නිතර විදේශ ගමන් බිමන් වල යෙදින. අබ්දුල්ලා තම තරුණ වියේදී ආමිනා නමැති කාන්තාව සමඟ විදේශ ගමනක යෙදුන අවස්ථාවකදී අබ්දුල්ලා මදීනා නමැතී ස්ථානයේදී අභාවප්‍රාර්ත විය. මදීන් නමැති ස්ථානය කලින් හැදින්වූයේ යත්රිබ් නමිනි.

ඔහුගේ අභාවයට පසුව ආමිනා තුමියට දරුවෙක් ලැබින. එම දරුවාට මුහම්මද් යන නම තැබීය.

මුල් අවුරුදු හතරේදී මුහම්මද් තුමන් හÞ වඩා ගත්තේ හලීමා නමැති සිතzියයි. ඇය හෙදියෙකි. හලීමාගේ පවුලේ අය අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිම උනන්දුවක් නොදැක්වූ නිසා ඔවුන්ට මෙන්ම ඔවුන් අතර වැඩුණු මෙම දරුවාට ද කියවීමට හෝ ලිවීමට නොහැකි විය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු කිසිම උනන්දුවක් නොදැක්විය. එයට හේතු වූයේ අධ්‍යාපනයට සුදුසු පරිසරයක් එහි නොතිබීමය.

මුහම්මද්තුමාණන්ට වයස අවුරුදු හය වන විට එතුමාණන්ගේ මව මිය ගියාය. මවගේ නැතිවීමත් සමගම එතුමෝ මවක හෝ පියකු නොමැති අනාතයෙක් බවට පත් වූහ. නමුත් එතුමාණන්ගේ පියාගේ පියා (සීයා) වන අබ්දුල් මුත්තලිබ් තම මුණුපුරා රැක බලා ගත්තේය. අවුරුදු ගණනකට පසුව අබ්දුල් මුත්තලිබ්ද අභාවපzාප්ත විය. ඉන් පසුව එතුමාණන්ගේ සුZ පියාවූ අබුතාලිබ් එතුමාණන් හÞ වඩා ගත්තේය.

තමාගේ නමවත් ලියන්නට නොදත් මුහම්මද්තුමාණන් අනාගත ලෝකයේ ඉතා ශක්ති සම්පන්න ඉස්ලාම් ආගම පැතිර වීමට සමතෙක් වන බව එවකට කවුරුත් දැන සිටියේ නැත. කලින් කල දෙවියන් විසින් ලොවට යවන ලද දුතයන් ගේ අන්තිම දුතයා වන බවක් වත් එවකට දැන සිටියේ නැත. තව ද මුහම්මද්තුමාණන් අනාගතයේදී පිබිදිය හැකි විශිෂ්ඨයකු බවටත් හැඟීමක් ඇතිවී නොතිබින.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: