6- සතුරු උවදුර

යහපත් මිනිස් ජීවිතයකට මග පෙන්වා දෙමින් සිටි මුහුම්මද් නබි නායකතුමාණන්ට පවා සතුරෝ ඇති වූහ. යහපත් පුද්ගලයින් හට වූවද සතුරන් ඇතිවීම පුදුමයක් නොවේ. යහපත් කzියාවලට විරුද්ධ වන අධර්මිෂ්ථයෝ ලෝකයේ වෙසෙති. මෙවැන්නෝ යහපත් කzියාවල යෙදෙන අයට හතුරුකම් කිරීමට උත්සාස දරති. මේ කාලයේ අරාබිවරු ජීවත්වූයේ පිරිහුණු සමාජ පරිසරයකය. එබැවින් එවැනි පරිසරයක ජීවත්වු අය තුළ ඇබ්බැහිව තිබූ නරක සිරිත් විරිත් හා පලපුරුදු අතහැර දැමීමට කී පමණින්ම, ඒවා අත්හැර දැමීමට ඔවුහු සූÞනම් නොවූහ. පුද්ගලයින් යහමග සැවීමට උත්සාහ ගත් අය විනාශ කිරීමට උපකzම යෙදුහ. නබිතුමාණන් ජීවිතක්ෂයට පත් කිරීමට පවා එවැනි අරාබිවරු කැමතිවී සිටියෝය. උන්වහන්සේට දෙවියන් වැඳීමට පවා ඉඩක් නොදී කරදර කළෝය. ඉස්ලාම් භක්තිය වැළඳගත් අයට හිරිහැර කරන ලදී. එක් අයෙකුගේ අත්පා දෙකම ලනුවලින් බැඳ පිලිස්සෙන අව්වේ තැබූහ. එපමනක් නොව ඒ අයට කෑම බීම් ද නොදුන්හ. මෙවැනි කෘෘර දඩුවම් සහ අපරාධ කzියා කිසා සමහර අය මිය ගියහ. නමුත් ඒ අය ඉස්ලාම් ආගම තදින් විශ්වාස කළහගතමන්ගේ ජීවිත රුකගනීමට හෝ ඉස්ලාමි ආගම අත්හැර දැමීමට හෝ කැමති වූයේ නැත. මුල් අවදි වලදී මුස්ලිම්වරු අරාබිවරුන්ගේත් තාඩන පීඩන වලට ලක්වූහ. මෙම තාඩන ජීඩන ඉවසීමට නොහැකි වූ සමහරුන් අබිසිනියා නමැති අපzිකානු රටකට යාම, නබි නායකතුමෝද අනුමත කළහ.

සතුරන්ගේ මෙවැනි තාඩන පීඩන කzියා කිසිවක් නොසැලකු නබි නායකයාණෝ ඉස්ලාම් ආගම තව දුරටත් කරගෙන ගියෝය. සතුරෝ උන්වහන්සේට ගල්, මුල් දමා ගැසූහ. වැලි සහ අZ හිස මත දැමූහ. මේ අන්දමින් නබි නායකයාණන් වහන්සේට කරදර කළෝය.

‘බොරු කාරයා, මායා කාරයා, උන්මන්තකයා’ යනු වෙන් ෙÞස් නැගුහ. ඒ කිසිවක් පලක් නොවීය. ආරාබි වරුන්ගේ නායකයින් සියලු දෙනාම එකතුවී නබි නායකයාණන් ලඟට ගොස්, ඔබ තුමාට ගොඩක් රත්රන්, ඉඩකඩම් අපි දෙන්නෙමු. අපගේ රජකම ඔබට පවරමු. ඔබ ඔබගේ ‘එකම දෙවියන්’ කියන අදහස අත්හැර දැමීය යුතුයයි පැවසූහ. නබි නායකනාණෝ ඒ කිසිම දේකට එකඟ නොවී තව දුරටත් ඉස්ලාම් ආගම පzවාරය කර ගෙන ගියහ. සතුරන්ගේ කෝපය ද උගz විය.

නබි නායකතුමාණන්ගේ සුZ පියා වන අබුතාලිබ් වෙත අරාබිවරුන්ගේ පzධානීහු ගියෝය. ‘අපගේ දෙවි වරුන්ට විරුද්ධව ඔබගේ පුතා ගෙනයන පzචාරය තව දුරටත් ගෙන ගියොත් ව්ශාල අනතුරකට මුහුණ දෙන්නට සිදු වෙතැයි’ කියා සිටියෝය. අරාබි වරුන්ගේ පzධානියා කිවූදේ ඇසූ අබූතාලිබ් බියට පත්වී නබි නායකයාණන් වෙත ගොස් ‘ඔවුන්ගේ දෙවිවරුන්ට විරුද්ධව පzචාරය නොකරන්නැයි’ කීවේය. ‘එසේ නොකළහොත් මට ඔබව බේරාගත නොහැකි’ ය ද කියා සිටියේය. අබුතාලිබ් මෙසේ පzකාශ කළේ තමාගේ පුතzයා සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. නමුත් නබි නායකයානෝ ‘අරාබි පzධාදීන් වගේ දකුණතෙහි සූර්යයාත් වමතෙහි චන්Þයාත් ගෙනතැබුවත් මම මගේ දේශනය අත් නොහරින්නේමැයි’ යි උත්තර දුන්නෝය. මෙවැනි ධෛර්යවත් පිළිතුරක් ලැබීම නිසා අබූතාලිබ් සතුටු විය. ඉන්පසු ‘ඔබගේ වටිනා දේශන ඉදිරියටත් කරගෙන යන්න’ ඔබට කිසිවකු ගෙන් හානියක් නොවන්නේ’ යයි පවසා නික්ම ගියේය.

මේ වන විට නබි නායකයාණන්ට නිරන්තරයෙන් සතුරු උවදුරු ඇති විය. උන්වහන්සේ සමග අනෙකුත් අය කිසි සම්බන්ධතාවක් පැවැත්වූයේද නැත. උන්වහන්සේට තම නිවසේ ජීවත් වීමටද ඉඩ නොතැබූහ. විරුද්ධ වාදීන් උන්වහන්සේගේ පzචාරක කටයුතු කඩාකප්පල් කිරීමට ගත් නොයෙකුත් පzයත්නයන් ව්‍යර්ථ විය. ඒ නිසා නබි නායකයාණන් වහන්සේ ජීවිතක්ෂයට පත්කිරීමට ඔව්හු වෑයම් කළෝය. මේ කාලයේම, මෙතෙක් නබි නායකයාණෝ ආරක්ෂා කල සුZ පියා වන අබුතාලිබ් මිය ගියේය. ඉන් ඉක්බිතිව අබු සුපියාන් නමැත්තා කුෙරෙෂි පවුලේ පzධානියා ලෙස කටයුතු කිරීමට පවන් ගත්තේය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: