7- කුමන්ත්‍රණයක පරාජය

නබි නායකයාණන් වහන්සේගේ පzචාර අබුසුපේයාන් අනුමත නොකළේය. ඔහු පිළිම වන්දනාව අනුමත කළ අයෙකි. ‘පිළිම වන්දනාවෙන් කිසි පලක් නොමැත පිළිමයක් තුල කිසි ශක්තියක් නැත’ යි කියා නබි නායකයාණෝ අබුසුපේයාන්ට පැවසුවෝය. ඒ නිසා අබුසුපේයාන් මුහම්මද් නබි තුමානන්ට විරුද්ධ විය. මේ බව දැනගත් සතුරෝ දිනක් අබුසුපේයාන්ගේ ‘එකම දෙවි’ යන පzතිපත්තිය අත්හැර දැමීමට නම්, කුමක් කළ යුත්තේ දැයි කියා උපායන් සොයා බැලීම සඳහා මෙම රැසිවීම පවත්වන ලදී.

එම රැසිවීමේදී, ‘ඔහුඅට එලියට ඒමට බැරි හිරගෙටක දමා වසා තබමු. එවිට ඔහු එහි තුළම මැරේවි’ යි කෙනෙක් අදහස් පzකාශ කළේයග නමුත් තවත් අයත් මේ අදහසට විරුද්ධවී ඔහු සිර ගෙදරින් පැන ගියහොත් නවතත් එය අපට කරදරයකැයි කියා සිටියෝය. අරාබි දේශයෙන් පිටු වහල් කර දමන්න ඕනෑ යයි ද, නැවත පැමිණීමට ඉඩ නොදිය යුතු යයිද තවත් අයෙක් අදහස් පzකාශ කළේය. එය හොඳ පිලියමක් නොවන බවත්, ඔහු අරාබි දේශයෙන් පිටුවහල් කළ විට එම බපzචාරක කටයුතු ගෙන යෑමට ඉඩ ඇති බවත් දක්වමින් කෙනෙක් ඒ අදහසට විරුද්ධ විය.

“”එසේනම් වෙන කිසිම දෙයක් නොකළ හැක· ඔහු මරා දමමුයි”” තවත් අයෙක් අදහස් දැක්විය.
“”එය හොඳ අදහසකි· නමුත් එය කzියාත්මක කරන්නේ කවුදැ””යි අබුසුපේයාන් පzශ්න කළේය.

ඒවිට සියල්ලෝම නිශ්ශබ්ද වූහ. නබි තුමානෝද කුෙරෙෂි පවුලේ අය කෝපයට පත් වීමට ඉඩ ඇත. නබි නායක තුමානෝ ජීවිතක්ෂයට පත් කළහොත් එවැන්නක් කළ පුද්ගලයාද කුෙරෙෂි පවුලේ අය අතින් මරුමුවට පත් වීමට ඉඩ ඇත. එවැන්නක් නිසා අරාබි දේශයේ විශාල යුද්ධයක් හට ගන්නටද අවකාශ ඇතයි මෙහි රැස්වූ අය සාකච්ඡා කළහ. අවසානයේදී සෑම පවුලකින්ම එක් අයෙකු බැගින් තෝරා ගෙන ඔවුන් සියල්ලෝම එකතුවී නබි නායකයානන්ට පහර දීමට තීරණය කළෝය. සියZම පවුල්වල අය එකතුවී එක වරම පහර දුනහොත් කළ වරදට විරුද්ධව කුෙරෙෂි පවුලේ අයට යුධ වැදීමට අවසිථාවක් නොමැති බවත්, එක පවුලක අයට අනික් සියZම පවුල්වල අයට විරුද්ධව සටන් කිරීමට නොහැකි බවත් තීරණය කරගත් පසු සියZම පවුල් වලින් මේ සඳහා එක් අයෙකු බැගින් තෝරා ගන්නා ලදී. එක් රැයක ඒ සියZ දෙනාම නබි නායකයානන්ගේ ගෙදර වටා රැස් වූහ මේ බව දැනගත් නබි නායකයානන් වහන්සේ සතුරන් නොදකිනා සේ ගෙදරෙන් පිටවී ගියහ.

නබි නායකයානන් නිවසින් පිටවී ගිය පසු අබූතාලිබ් ගේ පුතා වන අලී, නබි තුමානන්ගේ ඇෙඳහි නිÞ ගත්තේය. නබි තුමානන්ගේ පොරෝනා වලින් හොඳින් සිරුර ආවරණය කර ගත්තේය. මුලින්ම ඉස්ලාම් ධර්මය වැළඳගත් තරුණයෙක් වන අලි වීරෝධාරයෙකි. ධෛර්ය වන්තයෙකි. නබි නායකයානන්ට අසීමිත ආදරය දැක්වූ කෙනෙකි. අලි ඇෙඳහි සිටිනා බවත් නොදන්නා සතුරන් නිවසට කඩා වැදී කාමරය තුළට ගියෝය. කෙනකු ඇෙඳහි නිදැ සිටිතියි සිතූහ. එවිට කඩු අතැතිව ඇඳ ලඟට රොක් වූහ. පොරෝණය ඉවත් කල පසු පුදුමයට පත්වූහ. මුහම්මද් නබි නායකයාණන්ගේ ඇඳේ සිටියේ ‘අලි’ ය.

දැන් කුමක් කරමුදැයි කියා සිතමින් සිටි සතුරෝ අලි මරා දමමුද, නැතහොත් අත්හරිමු දැයි තීරණයකට එළඹීමට නොහැකිව සිටියෝය. වයසෙන් ඉතාම බාල තරුණයෙක් වූ අලි ඉතා හොඳින් ආගම විශ්වාස කළ කෙනෙකි. සතුරෝ මොහුට ආදරය කළෝය. ඒ නිසා අලි නොමරා හැරීමට තිරණය කළහ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: