පෙරවදන

බේරුවල ජාමියා නලීමියා හී විදුහල්පති වශයෙන් සේවය කළ අභාවපzාජ්ත

අල්හාජ් මවුලවි යූ. එම්.තාසීන් මහතාගේ

පෙරවදන

මුස්ලිම් වරයකු විසින් සිදුකරන සාහිත්‍ය සේවාව අධ්‍යාපනයට කරන සේවාවක් ලෙස ගිනිය හැක. අධ්‍යාපන
සේවාවත් ගැන අල්ලාහ් තආලා ගේ ආගමික ගzන්ථය වන අල්- කුර්ආන් හි සහ නබි නායකයාණන්ගේ දේශන වලද
බොහෝ සේ සඳහන් වී ඇත. ඉස්ලාම් ආගවික සාහිත්‍යයේ අල්- කුර්ආන් ගzන්ථයට දෙවැනිව අප විසින් කළ හැනි
උසස්ම සේවාව වන්නේ නබි නායකයාණන් ගැන ලිවීමයි්. නබි රජාණන්ගේ ජීවන වෘත්තාන්තය සැවොම දැන සිටිම
වැදගත් යුතුකමක් වන්නේය. එහි ආලෝකයෙන් ඉස්ලාම්ධර්මයේ විශිෂ්ඨත්වය අවබෝධකර ගත හැක.
නබි නායකතුමාණන් ගැන නිවරද්‍ය ලෙස ලියවෙන පොත පත දෙමළ භාෂා මාධ්‍යයෙන් ඉතා විරල බව කිව
යුතුය. එතුමන් ගැන සම්පූර්ණයෙන් කරුණු අඩංගු පොත් පත් බාලාංශයේ ලමුන් සඳහා තවමත් පzකාශයට පත් වී
නැත. මගේ හිතමිත එස්. එම්. හනීෆා (බී.ඒ.) මහතා විසින් ලියන ලද ‘ලෝක ප්‍රසංසාවට භාජනය වූ උත්තම දූතයා’
නමැති පොත මේ අංශයේ වැදගත් තැනක් ගනී. සාහිත්‍යාජශයේ ළමා සාහිත්‍ය කෘති නිර්මානය කිරීම ඉතා දුෂ්කර
කාර්යයක් බව පිළිගෙන ඇත. මේ අන්දමින් බලන විට සාහිත්‍ය නිර්මාණයේදී වැදගත් කරුණු ඉදිරිපත් කිරීම සරල
භාෂා ශෛලියෙන් ළමුන් සඳහා මට සිලිටි දෙමළ භාෂාවෙන් නබි නායකයාණන්ගේ ජීවන වෘත්තාන්තය ඉතා සාර්ථක
අන්දමින් නිර්මාණය කොට ඇත. අප රටේ වැඩි පzසිද්ධියක් නොමැති ලේඛකයින්ගෙන් අයෙකි. මෙම කතුවරයා. මධ්‍යම
පළාතේ පිහිටා ඇති ගල්හින්න ගzාමයෙන් බිහි වූ කතුවරුන්ගෙන් මොහු ඉතා වැදගත් අයෙකි. මීට අවුරුදු විසි අටකට
පෙර ‘සමුÞයම්’ නමැති සඟරාව මගින් කළඑලි බැසි මොහු උන් හිටි ගමන් සාහිත්‍යකරණ යෙන් ඈත් වූ බවක් දැන
චේදනාවට පත් වූ අයගෙන් කෙනෙකි, මා. නමුත් මගේ මිතzයා නැවතත් ලේඛන කලාවට ඇතුළත් වී නබි රජාණන්
පzමුඛව තබා ළමයින් සඳහා තමාගේ සාහිත්‍ය සේවාව නැවත ආරම්භ කිරීම පzසංසා කළ යුත්තකි. එතුමා තමාගේ පළමු
කෘතිය මගින් නබි නායකතුමාණන් ළමුන්ට හඳුන්වා දෙන ආකාරය පzසංසාවට භාජනය වීමට කරුණකි.
ශzී ලංකාවේ අප අතර ළමා සාහිත්‍ය නිර්මාණය කළ හැකි උසස් කතුවරුන් සිටින බවට එක් සාක්සියකි මේ.
ආරම්භයේ සිටම අවසානය දක්වාම නබිනායකයාණන්ගේ ජීවන චරතය චමත්කාර ලෙස දැක්වීමට තම
සම්පූර්ණ ශක්තියම ඔහු යොÞ ඇත. ඒ සමගම මෙහි ඇතුළත් කර ඇති ඉස්ලාමිය සිරිත් විරිත් ඇතුළත් විස්තරය කුඩා
දරුවන් සඳවා මනා ලෙස පිළියෙලවී ඇත. දේශනා, යහපත් සිරිත් විරිත්, යහපත් ගුණාංග ආදී ශීර්ෂ වලින් ඉස්ලාමිය
දරුවන් සඳහා අගනා කරුණු මනා ලෙස ඉදිරිපත් කොට ඇත. මෙම පොතේ තැනින් තැන මුස්ලිම් ළමුන්ගේ මානසික
තත්වයට ගැලපෙන අන්දමින් ඉස්ලාමිය දර්ශනය ඉතා සරල ශෛලියකින් විස්තර කර තිබීමද මෙහිලා සඳහන් කළයුතු
වැදගත් කරුණකි. ‘කුමන රටකට අයත් වුවත් දුප්පත් හෝ පොහොසත් වුවත් සෑම මුස්ලිම් වරුම සහෝදරයෝ ය.
ඔවුහු එකිනෙකාට සමාන වන්නෝය. කෙසේ වුවත් උස් පහත් භේදයක් ගැන විශ්වාසයක් ඔවුන් අතර නැත’ යන
උදාහරණය මෙම පොතේ පස්වැනි පරිච්ඡෙදයේ මැද කොටසේ ඉස්ලාමිය මූලික දර්ශනයට එකඟව ඉතා පැහැදිළිව
විස්තර කර තිබීම පzසංසාවට භාජනය විය යුත්තකි. උහද් යුද්ධයේ දුෂ්කර අවස් තාවකදී පවා නබි නායකතුමාණන්
සතුරන් සඳහා යාඥා කළ බව කියවෙන නව වැනි පරිච්ඡෙදය ඉතා අලංකාර ලෙස සාකසි ඇත. කෙටියෙන් කිවහොත්
ගුරුවයෙකු වශයෙන් සේවය කර, පzමුඛ පෙළේ පzවෘත්ති පතzයක් වන ‘දිනරන්’ හී සහකාර කර්තෘවරයෙකු ලෙසට පත්ව
දැනට ශzී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පzධාන පෙළේ කාර්ය භාර කර්තෘ වරයකු වශයෙන් සේවයේ යෙදී සිටින
නීතිඥයකු වන ගල්හින්න ගzාමයේ බිහිවූ උගතෙකු වන මොහු පzසංසා කළ යුතු නිර්මානයක් මුස්ලිම් දරුවන් අතට පත්
කොට ඇත. සෑම මුස්ලිම් නිවසක් තුළම මෙවැනි පොතක් තිබීම වටනේය. එපමණක් නොව සිංහල දැන උගත් මුස්ලිම්
නොවන ළමයින්ටත් මෙම පොත ඉතා වටිනා දෙයක්. මෙම පොත ඉංගzීසි සහ සිංහල භාෂාවලින් පරිවර්තනය කොට
හැමදෙනා අතටම ලැඛෙන්නට මග සලස්වන්නේ නම් මෙයින් ඉමහන් එල ලැඛෙන බව සහතිකය.
මගේ මිතzයා වන කතුවරයා මෙවැනි ඉස්ලාමිය නිර්මානයන් තව තවත් බිහිකර ලීමෙන් මුස්ලීම් සමාජයට උදව්
වෙතැයි ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. මෙවැනි නිර්මානයන් සඳහා මුස්ලිම් වරුන් තම සම්පූර්ණ සහයෝගය දෙමින්
තම තමන්ගේ ඉස්ලාමීය හැඟීමත් සාහිත්‍ය රුචිකත්වයත් වර්ධනය කර ගැනීම ඉතාමත් අවශ්‍යය. ජීවය ඇති සමාජයක
විශිෂ්ඨ සෙවයකින් ඒකකි, මේ. අවසාන වශයෙන් කතුවරයාගේ පzයත්නයට අපගේ ආශිර්වාදය හිමිය. සර්ව බලධාරි
අල්ලාහ් තආලා මොහුගේ මේ සේවය බාර ගනිත්වා.
තවද අපි සියලිලටම දයාව සහ කරුණාව පෙන්වන සේක්වා. ආමීන්.

ඉස්ලාමිය ආගමේ සේවකයා
යූ. යූ.ූ. එම්. තාසීන් බේරුවල

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: