Tag Archives: මක්කම

4- තරුණවිය

මුහම්මද් තුමාණන්ගේ තරුණ වයස ලඟාවන විට එතුමෝ එZවන් රැක බලා ගැනීමෙන් එඬේර ජීවිතයක් ගත කළෝය. පසුව ව්‍යාපාර කටයුතු වල නිරත වූහ. සිරියා වැනි විදේශවල පවා වෙළඳ සංවාරක කටයුතුවල යෙදුනහ.

එතුමන්ගේ චාම් ජීවිතය සහ යහපත් සිරිත් විරිත් දුටු අනෙක් අය එතුමාණන්ට ගරු කළහ. ආදරය දැක්වූහ තරුණ වියේදී එතුමො දුප්පත් මිනිසකු ලෙස ජීවිතය ගත කළෝය. සÞකල්හිම සත්‍ය කළෝය. එතුමන්ගේ අවංක බව නිසා සියලිලෝ එතුමන් විශ්වාස කළහ. වෙනත් අය විසින් ආරක්ෂාව සඳහා තමා වෙත් ගෙනවුත් තබන ලද මුදල් හෝ වෙනත් භාණ්ඩ ඉතා ආරක්ෂා සහිතව තබා නැවත ඉල්ලන විට අයිතිකරුවන් වෙත ඒ සියල්ල ආපසු භාර දෙන ලදී.

ඒ නිසාම එතුමාණන්ට ‘අල් අමීන්’ නමැති නමක් ද ලැබින. අල් අමීන් යන්නෙහි අර්ථය ‘විශ්වාස වන්තයෙක්’ යන්නයි. ‘මුහම්මද්’ යන්නනෙහි අර්ථය ‘පzශංසකීය’ යන්නයි.

බොරු කීම සොරකම් කිරීම වැනි නරක සිරිත් විරිත් එතුමන් ලඟ නොමීය. අධ්‍යාපනය නොලද්දකු වුවත් නුවණක්හ යහපත් සිරිත් විරිත් එතුමන් ලඟ විය. එක් සමයක කුෙරෙෂිවරු ‘කඃබා’ නමැති සුද්ධවූ දේවස්ථානය අZත් වැඩියා කරමින් සිටියෝය. හිජාස් පzදේශයේ විසු සියZම පවුල්වල සහාය හා සහයෝගය මෙම කාර්ය සඳහා ලැබුණි. මෙම දේවස්ථානයෙහි සුවර්ගයේ සිට වැටුණු කZ ගලක් විය. එය ‘හජ්රුල් අස්වද්’ යන නමින් හැඳින්විය. එම ගල නියමිත ස්ථානයෙහි තැන්පත් කිරීමේ අවස්ථාව තම තමාට ලැබිය යුතුය කියා සිටියහ. ඒ ගැන තීරණයකට එළඹීමට නොහැකිවූ තත්වයක් උද්ගත වූ බැවින් ඔවුන්නොවුන් අතර ගැටුම් ඇතිවිය හැකි තත්වයක් උÞවිය. එවැනි අවස්ථාවකදී සුදුසු තීරණයක් ගන්නා ලෙස සියZම පවුල් වල අය එතුමාණන් ගෙන් ඉල්ලා සිටියෝය.

එතුමාණන් කවර අන්දමේ තීරණයක් ගත්තේ දැයි ඔබ දන්නවාද? ‘රෙදි නැබැල්ලක් ගන්න· ඒ මත ගල තබන්න· සියZදෙනාම ඔසවන්න· ගෞරවය සියZ දෙනාටම හිමිවේයයි එතුමාණන් කීහ. මෙම තීරණයෙන් සියල්ලෝම සතුටට පත් වූහ.
මේ අනුව එම ගල රෙදි කැබැල්ල මත තබා සියල්ලෝම ඔසොවාගෙන ගිය විට මුහම්මද් තුමාණෝ එය බිත්තිය මත තැබූහ. එයින් සියල්ලෝම තෘප්තියට පත් වූහ. එපමණක් නොව එම කzියාව නිසා පවුල් අතර සිදුවීමට ඉXතිබුණු ගැටුම්ද වැලකිනි. තරුණ මුහම්මද්තුමාණන්ගේ නුවණක්කාර කම ගැන සියල්ලෝම ඔහුට පzශංසා කළහ.

මුහම්මද්තුමාණන් ගේ අවංක භාවය ගැනත් නුවණක්කාරකම ගැනත් කථා මක්කමේ සියලු දෙනා අතර පැතිරගියේය. මෙම කථාව මක්කමේ ජීවත්වූ එක්තරා පොහොකත් කාන්තාව ගේ කන්වලට වැටුණි. කදීජා නමැති මෙම කාන්තාව කුලී ගෙවා පුද්ගලයින් වෙළඳාම සඳහා සිරියාව ආදි රටවලට යැවුවාය. වරක් මුහම්මද්තුමාණන්ද මෙවැනි වෙළඳාම් කටයුත්තක් සඳහා මේ කාන්තාව විසින් සිරියාවට යවන ලදී. මුහම්මද්තුමෝ තමාට පැවරූ කාර්යය ඉතාමත් දක්ෂ ලෙස ඉටු කොට පෙරළා පැමිණියෝය. දක්ෂ ලෙස කාර්යයන් ඉටුකර පැමිණිම නිසා කදීජා, මුහම්මද්තුමන් කෙරෙහි ආදරය දැක්වූවාය. පසුව දෙදෙනා අතර විවාහය සිදුවිය. පසුව මුහම්මද් තුමාණන්ගේ පzියතම දුව වන පාතිමා නමැති දරුවා කදීජාට ලැබුණි.

5- දෙවියන්ගේ දුතයා

මක්කමට තරමක් දුරින් පිහිටි හිරා නමැති ගුහාවට ගොස් භාවනා කිරීම තම බාල වයසේ සිටම මුහම්මද් තුමාණන්ගේ සිරිතක් විය. එම ගුහාව තුළ හුදකලාව වාඩිවී දෙවියන් ගැනත්, දෙවියන් මැවූ ලෝකය ගැනත්, ලෝකයේ ඇති පුදුම සහගත දේ ගැනත් එතුමෝ මෙනෙහි කළහ. එතුමන්ගේ හතළිස් වන වියෙහි දිනක් ගුහාව තුළ භාවනා කරමින් සිටියදී දේවදුතයෙක් (මලක්) එතුමා ඉදිරියේ පෙනී සිටියේය.

එසේ පෙනී සිටි ඔහු ‘මුහම්ද් කීයවන්න’ යි පැවසීය.
එවිට මුහම්ද්තුමාණෝ, කොහොමද කියවන්නේ කුමක්ද කියවන්නේ යි ඇසූහ.
‘උතුම්වූ දෙවියන්ගේ නාමයෙන් කියවන්න’ යි දේව දුතයා නැවතත් කීවේය.
‘ඔහු සියලු දේ මැවූයේය· මනුෂ්‍යයා පෙර නොදත් සියලු දේ පෑනෙන් ඉගැන්වූයේය.’

දේව දුතයා කිවූ දේම මුහම්ද්තුමාණෝ නැවත කීහ. දේවදූතයා පළමු වරට දුටු මුහම්ද්තුමාණෝ මවිත යට පත්වූහ. මෙම ආශ්චර්ය ගැන ඉක්මනින් ගෙදර ගොස් තම භාර්යාවට දැන්වූහ. ඇය තමාගෙු ඥාතියෙකු වෙත මුහම්ද්තුමාණන්ව කැඳවා ගෙන ගියාය. එම වයෝවෘධ ඥාතිවරයා මනාව උගත් කෙනෙකි. ඔහු පුරාන ආගම් පිළිබඳ හොඳින් දැන සිටියේය.

දෙවියන්ගේ පණිවුඩය රැගෙන එන ජිබ්රිල් නමැති දේවදූතයෙකුගේ කථාවටයි ඔබ සවන් දුන්නේ. දෙවියන් තමාගේ දූතයා වශයෙන් ඔබ තෝරගෙන ඇතැයි කියා අර වයෝවෘධ ඥාතියා පzකාශ කළේය. එම පzකාශය සම්පූර්ණයෙන්ම කදීජා විශ්වාස කළාය. මුහම්ද්තුමාණෝ කෙතරම් දැයි කිවහොත් අවංක කමින් අංශ=වක් වත් බැහැර නොගිය කෙනෙකු බව ඇය හොඳින් දැන සිටි නිසාම වයෝවෘද්ධ ඥාතියාගේ පzකාශය කදීජා තුමිය සම්පූර්ණයෙන්ම සත්‍යබවට විශ්වාස කළාය.

ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය පළමුවරට තැබූ තැනැන්තිය කදීජාය. ඊට පසුව අබූතාලිබ් නැමැත්තාගේ පූතzයා වූ අලි නමැති තරුණයා ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය තැබීය.

මෙම තරුණයා බාල වියෙහි සිටම ඉතා ශක්ති සම්පන්න කෙනකු විය.

සමස්ත ලෝකයේ සෑම පzදේශයකට ජීවත්වන මිනිස් සංඛ්‍යාවෙන් සමග පස්දෙනකුටම එක් අයෙකු විශ්වාසය තැබු ආගම වන ඉස්ලාම් ආගම ආරම්භ වූයේ මෙසේය. ඉස්ලාම්ආගම අදහන කොයිම රටකට අයත් වැසියෙක් වුවත් එම රටේ මුස්ලිම් යන නාමයෙන්ම හැදින්වේ. ශzී ලංකාවේ වාසය කරන ඉස්ලාම් භක්තිකයෝ ලංකා මුස්ලිම් වරුය. ඉන්දියාවේ වාසය කරන මුස්ලිම් භක්තිකයෝ ඉන්දියානු මුස්ලිම්වරුය. අරාබි දේශයේ ජිවත් වන අය අරාබි මුස්ලිම්වරුය. අන්‍යෝන්‍ය වශයෙන් කිසි දිනෙක හේදයක් ගැන නොසලකත අය වශයෙන් මුස්ලිම් වරුන් දැක්විය හැක. කොයිම රටකට අයත් වූවත් දුප්පත් හෝ පොහොසත් වුවත් සෑම මුස්ලිම් වරුම සහෝදර යෝය. ඔව්හූ එකිනෙකාට සමාන වන්නෝය. කෙසේ වූවත් උස් පහත් හේදයක් ගැන විශ්වාසයක් ඔවුන් අතර නැත.

දෙවියන්ගේ දූතයෙකු ලෙස පෙනී සිට ලෝනයේ ජීවත්වන මිනිසාට හොඳ මාර්ගය පෙන්නා දෙන අය ‘නබී’ යන නාමයෙන් අරාබි බසින් හැඳින්වේ. එම නිසා මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමානන්ට තමාගේ හතලිස්වැනි වියෙහිදී දෙවියන්ගේ දූතයා වීමේ භාග්‍ය ලැබුණි. එය රමලාන් මාසයේ අවසාන දිනයන්හි යෙදුන එක් රාතzියකදීය. මක්කම නගරය අසල හිරා ගුහාවේ පළමු වරට ජිබ්රයිල් (අෙලෙහිස්සලාම්)යන දේවදූතයා පෙනී සිටියේ. මහිමය ලත් එම රැයෙන් පටන්ගෙන පසුව මුහම්මද් නබි නායකානන්ගේ ඉතිරි විසිතුන් අවුරුදු ජීවිත කාලය තුළදීම ශ=ද්ධ වූ කුර්ආනය පහළ විය. මෙසේ ඒ ඒ කාලයේ තත්වයට සහ අවශ්‍යතාවයන්ට සරිලන සේ කාලෝවිතව ශ=ද්ධවූ කුර්ආනය කොටස් වශයෙන් පහල විය. නබි නායකයානන්ගේ අවසාන අවුරුද්දේදී කුර්ආනය සම්පූර්ණ විය.

දෙවියන් විසින් මුස්ලිම් වරුනට හොඳ දිවිපෙවෙතක් පවත්වාගෙන යෑමට මග පෙන්වා ඇති ශ=ද්ධවූ කුර්ආනය නරක දේ වලින් ඈත්වී ජීවත් වීමට මග පෙන්වන මාර්ගෝපදේශකයකු බඳුය. ශ=ද්ධවූ කුර්ආන්හි අසුහත්වැනි සුරාවෙහි හත්වැනි වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි ඔබ දන්නවංද? ‘අල්ලාහ් සිතුවානම් මිස ඔබට කිසිවක් අමතක නොවේවි’. ශ=ද්ධවූ කුර්ආන් පහලවූ මුල් කාලයේම
ජීබ්රයිල් (අෙලෙහිස්සලාම්) නබි නායකයානන්ට මෙසේ දැනුම් දුන්හ. එම නිසා ශ=ද්ධවූ කුර්ආන් මුහම්මද් නබි තුමානන් හට අමතක නොවී පාඩම්කර ගතහැකි විය. එතුමානන්ගේ මිතzයෝද ශ=ද්ධවූ කුර්ආනය කට පාඩම්කර ගත්හ. කලකට පසුව ශ=ද්ධවූ කුර්ආනය ලේඛණගත කරන විට මෙම මිතzවරු එම කර්තව්‍යයට ඛෙහෙවින් උදව් වූහ. එÞ ලේඛණ ගතකළ අන්දමට කිසිදු වෙනස්කමක් නොමැතිව අද දක්වාත් ශ=ද්ධවූ කුර්ආනය පවතී. අදහස්වල හෝ වේවා, අකුරු වල හෝ වේවා කිසිදු වෙනිසක් කවරකාලකදීවත් සිදු නොකරන ලද්දේය.

9- මහා යුද්ධ දෙකක්

නබි නායකයාණන් මදීනාවට ගොස් පදංචි වූ පසු මක්කමෙහි වාසය කළ මුස්ලිම් වරු බොහෝ දෙනෙක් ද මදීනාවට ගොස් පදිංචිවිමට කැමති වූහ. එසේ පදංචිවූ සියල්ලෝම මරා දැමීය යුතුයයි එවකට මක්කමෙහි ජීවත් වූ කුෙරෙෂිවරුන් විසින් තීරණය කරන ලදී. කුෙරෙෂිවරු අපරාධකරුවෝය. එම නිසාම ඔවුහු විශාල යුද්ධ හමුÞවක් එක්රැස් කොට මදීනාවේ සිටි මුස්ලිම්වරුන් සමග සටන් වැදීමට පිටත්ව ගියෝය.

බද්ර් යුද්ධය

මුස්ලිම්වරුන් සහ විරුද්ධ පාක්ෂිකයන් අතර ඇතිවූ පළමුවන යුද්ධවන බද්ර් යුද්ධය නමින් හැඳින්වේ. මදීනාවෙන් සැතපුම් තිහක් ඔබ්ඛෙහි බද්ර් නමැති ස්ථානයේ දී දෙපාක්ෂිකයන් හමුවී යුද්ධ කළ නිසා මෙම යුද්ධය බද්ර් යුද්ධය නමින් හැඳින්වේ. මෙම යුද්ධය පැවැත්වන ලද්දේ දෙවෙනි හිජ්රි වර්ෂයේදිය. කුෙරෙෂි හමුÞවේ පිරිස දහසකටත් අධිකය. මුස්ලිම්වරුන්ගේ හමුදාවේ භට පිරිස වූයේ තුන්සිය දහතුන් දෙනෙකු පමණය. සතුරු හමුදාව වෙත අශ්වයින් දෙසීයක් සිටි නමුත්, මුස්ලිම්වරුන්ට සිටියේ අශිවයින් දෙදෙනෙකු සහ ඔටුවන් අට දෙනෙකු පමණි. මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව මදිවූ බැවින්, චවුන් පරාජයට පත්වීමට ඉඩ තිබේ යයි සැක සිතීමට ඉඩ තිබිනි. නමුත් නබි නායකතුමාණෝ ජය ලබාගැනීම සදහා අල්ලාහ් වෙත යාඥ පැවැත්වූහ. තවද ධෛය්‍ය_ දෙන සටන් පාඨ පzකාශ කළහ. අවසාන යේදී මුස්ලිම්වරු ජය ලැබූහ.

උහද් යුද්ධය

පරාජයට පත්වූ කුෙරෙෂිවරු අධෛර්යමත් නොවූහ. නැවත වරක් මුස්ලිම් වරුන් සමග සටන් වැදීමට උත්සාහ දැරූහ. මීළඟ වර්ෂයේදී තුන්Þහසකින් යුත් සේනාවක් සමග මදීනාව බලා පිටත් වූහ. කුෙරෙෂි හමුÞවේ නායකයා වූයෙ අබූ සුපියාන් නැමැත්තාය. මොහු නබිනායකතුමාණන්ගේ හතුරෙකු වශයෙන් කටයුතු කළේය. කුෙරෙෂි හමුදාවට මක්කම සිටි ස්තzීන් විශාල සංඛ්‍යාවක් ද එකතු වුහ. යුද්ධ අවසිථාවේදී එම ස්තzීහු සටන් සඳහා පිරිමින් උද්‍යෝගිමත් කළහ. යුද්ධය පැවැති සිථානයට නුදුරින් සිට රබන් ගසමින් යුද්ධ හටයින් උනන්දු කළෝය. මෙම යුද්ධයේ අරමුණ වූයේ බද්ර් යුද්දයේදී මරුමුවට පත්වූ අය වෙනුවෙන් පලි ගැනීමයිග උහද් කඳු සමීපයේ මෙම යුද්දය සිදුවූ බැවින් මෙය උහද් යුද්ධය නමින් හැදින්වේ. ඉතා දරුණු අන්දමින් පැවැත්වූණු මෙම යුද්ධයේදී මුස්ලිම් වීරයෝ ඉතා ධෛර්යමත්ව සටන් කළහ. මුස්ලිම්වරුන්ගේ සංඛාව ඉතා අඩුය. කුෙරෙෂිවරු තුන්දහසක් වෙනුවෙන් මුස්ලිම්වරු සිටියේ හත්සියයක් පමණි. යුද්ධය පවතිද්දී එක් අවස්ථාවක නබි නායකතුමාණන්ගේ අණ පරිදි තවන් ආරක්ෂා කරමඅන් සිටි එක් ස්ථානයකින් මුස්ලිම් වීරයන් කීප දෙනෙක්ම තම කණ්ඩායමට ජය ලැබුණැයි සිතා එම සිථානය හැර ගොස් කුෙරෙෂාවරුන්ගේ කඳවුර තුළ තිබු භාණ්ඩ ගැනීමට පටන් ගත්හ එබැවින්. ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ තැන කිසිවෙක් නොවීය. එබැවින් එම සිථානයෙන් ඇතුල්වූ සතුරෝ මුස්ලිම්වරුන්ට පහරදීමට පටන් ගත්හ. මේ සිද්ධියෙන් මුස්ලිම්වරුන් කීපදෙනෙක්ම මරුමුවට පත්වූහ. මේ අවස්ථාවේ කුෙරෙෂි වරු සමග සිටි කාලිද් ඉබ්නු වලීද් නමැත්තා නබිනායක තුමාණන් මරා දැමු බවට බොරු පzචාරයක් ගෙන ගියේය. මේ නිසා මුස්ලිම්වරු වැඩිදෙනෙක් අධෛර්යමත් වූහ. නබිනායකතුමාණන් මරුමූවට පත්වූයේ නැතත් මෙම බොරු පzචාරය ගෙන ගියේ එතුමාණන් දකින්නට නොසිටි නිසාය. සොයා බැලූ විට මුහම්මද් නබිතුමාණන් ඉක් ගුහාවක සිහිසන් නැතුව සිටින බව අබූබක්ර් (රලියල්ලාහු අන්හු) දැක්කේය. පසුව වෙනත් අයද එතැනට ගොස් නබි තමාණන් එලියට ගෙනාවෝය. පසුව සිහිසන් ලැබූ නබි නායකයානෝ සුවපත් වූහ. සතුරෝ විනාශකර දැමීමට අල්ලාහ් වෙත යාඥා කරන ලෙස මුස්ලිම්වරුන් ඉල්ලූ විට ‘මිනිස් සංහතියට හොඳ මාර්ගය පෙන්වාදීමටයි මා පැමිණ සිටින්නේ’ ඔවුන් විනාශ කිරීමට නොවේය’ යි එතුමාණෝ පැවසුවෝය. කුෙරෙෂිවරු යහපත් පිරියක් කරදෙන ලෙස ඉල්ලා නබි නායකතුමාණන් යාඥා කළහ. මේ සිද්ධියෙන් එතුමාණන් සතුරන්ට ආදරය දැක්වූ බව අපට දැනගත හැක. තම සතුරන්ට පවා විරුද්ධව උන්වහන්සේ කිසිදිනෙක යාඥා නොපැවත්වූ සේක.

නබිනායක තුමාණන් සුවපත් වී සිටිනුදුටු මුස්ලිම් වීරයෝ ධෛර්යමත් වූහ. නැවත වරක් සියලූම විරයෝ එකතුව හතුරන්ට බලවත්සේ පහර දුන්හ. සතුරෝ පරාජයට පත්වූහ. දෙවෙනි අවස්ධාවේදී ද මුස්ලිම්වරුන් හට මහා ජයගzහනයක් අත්පත් විය. මෙම උහද් යුද්ධයට පසුවද මුස්ලිම්වරුන් හට වෙනත් යුද්ධවලට මුහුණ දීමට සිදුවිය. ඒවායින් ජය ලබා ගත්හ. මුස්ලිම්වරුන්ගේ ජයගzහනය දුටු අනෙකුත් අයද ඉස්ලාම් ආගම වැළඳ ගත්තෝය. මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව දවසින් දවස වැඩිවීය. මුස්ලිම්වරු සිථීර, ශක්තිමත් සමාජයක් බවට පරිවර්ථනය වෙමින් පවතින සමයේදී පවා නබි නායකයාණන් විසින් සතුරන්ගේ සියලුම වැරදි වලට සමාව දෙන ලදී. විශිෂ්ඨ ගුණංගවලින් නබි නායක තුමාණන්ගේ ජීවිත තොර තුරු අවබෝධ කරගෙන එතුමාණන් ආදර්ශයට ගෙන ජීවත්වීම මුස්ලිම් ජනයාගේ යුතුකමයි. මෙම යුද්ධයේ මුලදී බොරු පzචාර ගෙනගිය කාලිද් ඉබ්නු වලීද් පවා පසුව ඉසිලාම් ධර්මය වැළදගෙන නබිනායක තුමාණන්ට සම්පූර්ණ සහාය දුන්නේය. එම සහාය මුස්ලිම්වරුන්ගේ යුද්ධ ජයගzහනලෙට හේතුවක් ද විය.

නබිනායක තුමාණෝ ඉපදී හැදුණු වැඩුනු මක්කමේ වැසියන් එතුමාණන්ට හිරිහැර කළ නිසා එතුමාණෝ මක්කම ගැර ගොස් මදීනාවෙහි පදිංචි වූහ. නමුත් එතුමාණන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ නොතබා සතුරෝ යුද්ධ වලින් කරදර කළහ. දරුණු යුද්ධ නිසාම පzභූවරුන් සහ වැදගත් පුද්ගලයින් කීපදෙනෙක්ම මරුමූවට පත්වූහ. මේ අවාසනාවන්ත තත්වයේ කෙලවරක් දැකීමේ අභිපzායෙන් නබිනායකතුමාණෝ මක්කම වැසියන් සමග සටන් වදීමට තීරණය කළහ. විශාල හමුÞවක් ද රැස් කළහ. මෙම හමුÞ වේ නායකයා වශයෙන්ද එතුමාණෝ කටයුතු කළහ.

මක්කම නගරයට නුදුරින් යුද්ධය ආරම්භ විය. සතුරෝ ධෛය්‍යිමත්ව සටන් කළහ. නමුත් සතුරන්ට ඉඩ නොදී මුස්ලිම්වරුද වඩාත් ධෛය්‍යිමත්ව සටන් කළහ. අවසානයේදී සතුරෝ පරාජයට පත්වූහ. මක්කම වාසීන්ගේ පzධානියා වූ අබූසුපියාන් ද ඉස්ලාම් ආගම වැලඳ ගත්තේය. එම නිසා මක්කම නගරය තුළ යුද්ධ ඇති වීමෙන් වැළකින. යුද්ධයක් නොමැතිව නබිනායක තුමාණන්ට සහ එතුමාණන්ගේ පිරිසට මක්කමට ඇතුල් වීමට අවස්ථාව ලැබින.මක්කම ජයගzහනය කිරීමත් සමගම නබිනායක තුමාණන්ගේ කීර්තිය ද පැතිර ගියේය.