Tag Archives: මලක්

5- දෙවියන්ගේ දුතයා

මක්කමට තරමක් දුරින් පිහිටි හිරා නමැති ගුහාවට ගොස් භාවනා කිරීම තම බාල වයසේ සිටම මුහම්මද් තුමාණන්ගේ සිරිතක් විය. එම ගුහාව තුළ හුදකලාව වාඩිවී දෙවියන් ගැනත්, දෙවියන් මැවූ ලෝකය ගැනත්, ලෝකයේ ඇති පුදුම සහගත දේ ගැනත් එතුමෝ මෙනෙහි කළහ. එතුමන්ගේ හතළිස් වන වියෙහි දිනක් ගුහාව තුළ භාවනා කරමින් සිටියදී දේවදුතයෙක් (මලක්) එතුමා ඉදිරියේ පෙනී සිටියේය.

එසේ පෙනී සිටි ඔහු ‘මුහම්ද් කීයවන්න’ යි පැවසීය.
එවිට මුහම්ද්තුමාණෝ, කොහොමද කියවන්නේ කුමක්ද කියවන්නේ යි ඇසූහ.
‘උතුම්වූ දෙවියන්ගේ නාමයෙන් කියවන්න’ යි දේව දුතයා නැවතත් කීවේය.
‘ඔහු සියලු දේ මැවූයේය· මනුෂ්‍යයා පෙර නොදත් සියලු දේ පෑනෙන් ඉගැන්වූයේය.’

දේව දුතයා කිවූ දේම මුහම්ද්තුමාණෝ නැවත කීහ. දේවදූතයා පළමු වරට දුටු මුහම්ද්තුමාණෝ මවිත යට පත්වූහ. මෙම ආශ්චර්ය ගැන ඉක්මනින් ගෙදර ගොස් තම භාර්යාවට දැන්වූහ. ඇය තමාගෙු ඥාතියෙකු වෙත මුහම්ද්තුමාණන්ව කැඳවා ගෙන ගියාය. එම වයෝවෘධ ඥාතිවරයා මනාව උගත් කෙනෙකි. ඔහු පුරාන ආගම් පිළිබඳ හොඳින් දැන සිටියේය.

දෙවියන්ගේ පණිවුඩය රැගෙන එන ජිබ්රිල් නමැති දේවදූතයෙකුගේ කථාවටයි ඔබ සවන් දුන්නේ. දෙවියන් තමාගේ දූතයා වශයෙන් ඔබ තෝරගෙන ඇතැයි කියා අර වයෝවෘධ ඥාතියා පzකාශ කළේය. එම පzකාශය සම්පූර්ණයෙන්ම කදීජා විශ්වාස කළාය. මුහම්ද්තුමාණෝ කෙතරම් දැයි කිවහොත් අවංක කමින් අංශ=වක් වත් බැහැර නොගිය කෙනෙකු බව ඇය හොඳින් දැන සිටි නිසාම වයෝවෘද්ධ ඥාතියාගේ පzකාශය කදීජා තුමිය සම්පූර්ණයෙන්ම සත්‍යබවට විශ්වාස කළාය.

ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය පළමුවරට තැබූ තැනැන්තිය කදීජාය. ඊට පසුව අබූතාලිබ් නැමැත්තාගේ පූතzයා වූ අලි නමැති තරුණයා ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය තැබීය.

මෙම තරුණයා බාල වියෙහි සිටම ඉතා ශක්ති සම්පන්න කෙනකු විය.

සමස්ත ලෝකයේ සෑම පzදේශයකට ජීවත්වන මිනිස් සංඛ්‍යාවෙන් සමග පස්දෙනකුටම එක් අයෙකු විශ්වාසය තැබු ආගම වන ඉස්ලාම් ආගම ආරම්භ වූයේ මෙසේය. ඉස්ලාම්ආගම අදහන කොයිම රටකට අයත් වැසියෙක් වුවත් එම රටේ මුස්ලිම් යන නාමයෙන්ම හැදින්වේ. ශzී ලංකාවේ වාසය කරන ඉස්ලාම් භක්තිකයෝ ලංකා මුස්ලිම් වරුය. ඉන්දියාවේ වාසය කරන මුස්ලිම් භක්තිකයෝ ඉන්දියානු මුස්ලිම්වරුය. අරාබි දේශයේ ජිවත් වන අය අරාබි මුස්ලිම්වරුය. අන්‍යෝන්‍ය වශයෙන් කිසි දිනෙක හේදයක් ගැන නොසලකත අය වශයෙන් මුස්ලිම් වරුන් දැක්විය හැක. කොයිම රටකට අයත් වූවත් දුප්පත් හෝ පොහොසත් වුවත් සෑම මුස්ලිම් වරුම සහෝදර යෝය. ඔව්හූ එකිනෙකාට සමාන වන්නෝය. කෙසේ වූවත් උස් පහත් හේදයක් ගැන විශ්වාසයක් ඔවුන් අතර නැත.

දෙවියන්ගේ දූතයෙකු ලෙස පෙනී සිට ලෝනයේ ජීවත්වන මිනිසාට හොඳ මාර්ගය පෙන්නා දෙන අය ‘නබී’ යන නාමයෙන් අරාබි බසින් හැඳින්වේ. එම නිසා මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමානන්ට තමාගේ හතලිස්වැනි වියෙහිදී දෙවියන්ගේ දූතයා වීමේ භාග්‍ය ලැබුණි. එය රමලාන් මාසයේ අවසාන දිනයන්හි යෙදුන එක් රාතzියකදීය. මක්කම නගරය අසල හිරා ගුහාවේ පළමු වරට ජිබ්රයිල් (අෙලෙහිස්සලාම්)යන දේවදූතයා පෙනී සිටියේ. මහිමය ලත් එම රැයෙන් පටන්ගෙන පසුව මුහම්මද් නබි නායකානන්ගේ ඉතිරි විසිතුන් අවුරුදු ජීවිත කාලය තුළදීම ශ=ද්ධ වූ කුර්ආනය පහළ විය. මෙසේ ඒ ඒ කාලයේ තත්වයට සහ අවශ්‍යතාවයන්ට සරිලන සේ කාලෝවිතව ශ=ද්ධවූ කුර්ආනය කොටස් වශයෙන් පහල විය. නබි නායකයානන්ගේ අවසාන අවුරුද්දේදී කුර්ආනය සම්පූර්ණ විය.

දෙවියන් විසින් මුස්ලිම් වරුනට හොඳ දිවිපෙවෙතක් පවත්වාගෙන යෑමට මග පෙන්වා ඇති ශ=ද්ධවූ කුර්ආනය නරක දේ වලින් ඈත්වී ජීවත් වීමට මග පෙන්වන මාර්ගෝපදේශකයකු බඳුය. ශ=ද්ධවූ කුර්ආන්හි අසුහත්වැනි සුරාවෙහි හත්වැනි වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි ඔබ දන්නවංද? ‘අල්ලාහ් සිතුවානම් මිස ඔබට කිසිවක් අමතක නොවේවි’. ශ=ද්ධවූ කුර්ආන් පහලවූ මුල් කාලයේම
ජීබ්රයිල් (අෙලෙහිස්සලාම්) නබි නායකයානන්ට මෙසේ දැනුම් දුන්හ. එම නිසා ශ=ද්ධවූ කුර්ආන් මුහම්මද් නබි තුමානන් හට අමතක නොවී පාඩම්කර ගතහැකි විය. එතුමානන්ගේ මිතzයෝද ශ=ද්ධවූ කුර්ආනය කට පාඩම්කර ගත්හ. කලකට පසුව ශ=ද්ධවූ කුර්ආනය ලේඛණගත කරන විට මෙම මිතzවරු එම කර්තව්‍යයට ඛෙහෙවින් උදව් වූහ. එÞ ලේඛණ ගතකළ අන්දමට කිසිදු වෙනස්කමක් නොමැතිව අද දක්වාත් ශ=ද්ධවූ කුර්ආනය පවතී. අදහස්වල හෝ වේවා, අකුරු වල හෝ වේවා කිසිදු වෙනිසක් කවරකාලකදීවත් සිදු නොකරන ලද්දේය.