1-අරාබි දේශය
අරාබි දේශය ආසියා මහාද්වීපයේ නිරිතදීග ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය විශාල දේශයකි.මෙහි වාසය කරන සියල්ලෝම මුස්ලිම්වරුය. අසූ පන්ලක්ෂයක් පමණ ජනයා මෙහි වාසය කරති.අරාබි දේශයට වර්ෂාව හිඟය. කලාතුරකින් දිනක වර්ෂාව ලැබුනත් එම වර්ෂාව ඉතා තදින් පැවතී. පැය කීපයකදී අවසන් වෙයි. මෙවැනි වර්ෂාවක් වුවද ලැඛෙන්නේ අවුරුදු ගණනකට වරක් දෙකක් පමණි. වර්ෂ හිඟයක් හා වැලි පසක් සහිත භුමියක් නිසා එහි බෝග වගාව උගහටය.නමුත් සමහර ස්ථානවල එම ස්ථාන වලට පමණක් සීමාවූ බෝග වගාවන් ඇත. සෙසු ප්‍රදේශ
කාන්තාර බවට පත්වී ඇත.
අරාබි දේශයේ නගර කීපයක් ඇත. මක්කම සහ මදීනා මෙයින් ඉතා වැදගත් නගර දෙකකි.අරාබි දේශයේ අගනුවර රියාද් නමින් හැඳින්වෙන අතර පzධාන වරාය ජිද්Þ නමැති නගරයේ පිහිටා ඇත. දහ්රාන් නමැති සිථානයේ ඇමරිකිනුන් විසින් ගොඩනගන ලද ගුවන් තොටු පලක් ද ඇත.වැඩි ආÞයමක් ලබාදෙන තෙල් වර්ග එහි ලැබේ. මෙම තෙල් අපනයනය කිරීමෙන් විශාල ආÞයමක් රටට ලැබේ. මෙම තෙල් වැඩිවශයෙන් අපනයනය කරනු ලබන්නේ ඇමරිකාවටය.මෙම රට සවුදි අරාබියාව නමින් හැඳින්වෙන්නේ ‘සවුදි’ නමැති පවුලට අයත් අය විසින් රට
ආණ්ඩු කිරීම නිසාය. ඉබ්නු සුවුද් හෙවත් අබ්දුල් අසීස් විසින් මේ රට පාලනය කරන ලදී. ඉන් අනතුරුව ඔහුගේ වැඩිමහල් පුතzයා වූ සුවුද් ද ඉන් අනතුරව පෛසල්ද රට ආණ්ඩු කළෝය.පෛසල් රජුගේ සහෝදරයා වන කාලිද් රජතුමා විසින් දැන් රට පාලනය කරගෙන යනු ලැබේ. මේ අයගේ පියාණන්වු ඉබ්නු සුවුද් හෙවත් අබ්දුල් අසීස් රජතුමා විසින් රාජ්‍ය පාලන තන්තzය කzමවත් ආකාරයට සකසා තිබුණි. අරාබි දේශයේ බලධාරියා රජතුමාය. රජතුමාට රාජ්‍ය පාලනයේදී උපදෙස් දීම සඳහ උපදේශක සභාවන් ඇත. රටේ දියුණුවට අÞලවූ පනත් සම්බන්ධයෙන් මේ සභාව රජතුමාට උයදෙස් දෙයි.අරාබි දේශයේ බොහෝ ඔටුවෝ සිටිති. අරාබි වරු ඔටුවන් පිට නැඟ ගමන් බිමන් යති. එහි අනර්ඝ අශ්වයෝද සිටිති. ඒ නිසා විදේශිකයෝ අරාබි අශ්වයන්ට වැඩි මුදලක් ගෙවා මිලයට ගනිති.
අරාබි දේශය බස්නාහිර රතු මුහුද පිහිටා ඇත. රතු මුහුදේ සිට දිවෙන සූවස් ඇල මධ්‍යධරණී මුහුද දක්වා විහිදී ඇත. වර්ග සැතපුම් අට ලක්ෂයක් පමණ විශාලවූ අරාබි දේශයේ බස්නාහිරින් සරුසාරවත් බිවූ පzදේශයක් ඇත. එම පzදේශය ‘හිජාස්’ නමින් හදුන්වනු ලැබේ. මෙහි මක්කම සහ මදීන් නමැත් ශුද්ධ නගර පියිටා ඇත.