13- යහපත් සිරිත් වීරිත්

සැමÞ උදැසන අවදිව සුබහ් නැමදුම පවත්වා උයද කටයුතු ආරම්භ කිරීම ඉතා හොද සිරිතකි. පසුව මධ්‍යහනයේ ලූහර් නැමදුමේ යෙදීමත් සවස හතරවන විට අසර් නැමදුමේ යෙදීමත් සූර්යයා නොපෙනී ගියපසු මග්රිබ් නැමදුමේ යෙදීමත් එතැන් සිට පැයකුත් විනාඩි විස්සක් පමණ ගිය විට ඉෂා නැමදුමේ යෙදීමත් නොවරදවාම අනුගමනය කිරීමෙන් ලැඛෙන පින ඉමහත්ය. අනිවාර්ය යෙන්ම දෙවියන් වඳින පුද්ගලයාට බරපතල අසනීප ඇති නොවේ. සියලුම කරදරවලින් ඔහුට ආරක්ෂාව ලැඛෙ තමා නොදැනුවත්වම කිසියම් මාර්ගයකින් හොඳ පzතිඵල ලැබේ.

සෑම රාතzියකදීම කුර්ආන්හි කොටසක් හෝ කියවීමත් ඉමහත් එල ලැබීමට හේතුවේ. කුඩාකල සිටම අනිවාර්යයෙන් කුර්ආන් කියවීම පුරුදු පුහුණු ඇති කරගත යුතුය. කුර්ආන් කියවීමට ඉගැන්විය යුතුය. සැම දිනකම කිසියම් හොඳ කාර්යයක් ආරම්භ කරන විට ‘බිස්මිල්ලා හිර්රහ්මානිර්රහීම්’ කියා ආරම්භ කළ යුතුයි. කුමන කාර්යයන් වූවද දකුණු අතින් ආරම්භ කළ යුතුය. ඇඳුම් ඇඳීමෙදී ද, සපත්තු පැළඳීමේදී ද දකුණු පැත්තෙන් ආරම්භ කළ යුතුය. ගෙදරින් පිටවන අවස්ථාවල දකුණ් පය පෙරට තබා පිටන් විය යුතුයි.

කෑම් බීම් ගන්නා විට අවශ්‍යයෙන්ම සෑම විටම වාඩිවී ඒ කටයුත්තේ යෙදිය යුතුයි. විශේෂයෙන් තිරිසනුන් විසින් කෑම් බීම් ගනු ලබන්නේ හිටගෙනය. එම නිසා තමා කිරිසනෙකුගේ තත්වයට පත් නොවිය යුතුයි.

අප වෙත කිසිවකු කිසියම් තෑගි බෝගයක් පzධානය කළවිට හෝ හොඳ පණිවුඩයක් පzකාශ කළවිට හෝ අල්හම්දුලිල්ලාහ් (සියලුම පැසසුම් අල්ලාහිටය) කියා හොඳ දෙයක් ලැබීම ගැන අල්ලාහ්ට ස්තුති කළ යුතුය.

මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකු හමුවූ විට අස්සලාමු අෙලෙක්කුම් (අල්ලාහ්ගේ ශන්තිය ඔබවෙත ලැබේවා) කියා ආශිර්වාද කළ යුතුය. මෙවැනි සිරිත් විරිත් බාලවියේ සිටම පුරුදු පුහුණු තරගන්නේ නම්, කෙනෙකුට අයහපත් මාර්ගයෙන් මිදීමට හැකිවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: