9- මහා යුද්ධ දෙකක්

නබි නායකයාණන් මදීනාවට ගොස් පදංචි වූ පසු මක්කමෙහි වාසය කළ මුස්ලිම් වරු බොහෝ දෙනෙක් ද මදීනාවට ගොස් පදිංචිවිමට කැමති වූහ. එසේ පදංචිවූ සියල්ලෝම මරා දැමීය යුතුයයි එවකට මක්කමෙහි ජීවත් වූ කුෙරෙෂිවරුන් විසින් තීරණය කරන ලදී. කුෙරෙෂිවරු අපරාධකරුවෝය. එම නිසාම ඔවුහු විශාල යුද්ධ හමුÞවක් එක්රැස් කොට මදීනාවේ සිටි මුස්ලිම්වරුන් සමග සටන් වැදීමට පිටත්ව ගියෝය.

බද්ර් යුද්ධය

මුස්ලිම්වරුන් සහ විරුද්ධ පාක්ෂිකයන් අතර ඇතිවූ පළමුවන යුද්ධවන බද්ර් යුද්ධය නමින් හැඳින්වේ. මදීනාවෙන් සැතපුම් තිහක් ඔබ්ඛෙහි බද්ර් නමැති ස්ථානයේ දී දෙපාක්ෂිකයන් හමුවී යුද්ධ කළ නිසා මෙම යුද්ධය බද්ර් යුද්ධය නමින් හැඳින්වේ. මෙම යුද්ධය පැවැත්වන ලද්දේ දෙවෙනි හිජ්රි වර්ෂයේදිය. කුෙරෙෂි හමුÞවේ පිරිස දහසකටත් අධිකය. මුස්ලිම්වරුන්ගේ හමුදාවේ භට පිරිස වූයේ තුන්සිය දහතුන් දෙනෙකු පමණය. සතුරු හමුදාව වෙත අශ්වයින් දෙසීයක් සිටි නමුත්, මුස්ලිම්වරුන්ට සිටියේ අශිවයින් දෙදෙනෙකු සහ ඔටුවන් අට දෙනෙකු පමණි. මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව මදිවූ බැවින්, චවුන් පරාජයට පත්වීමට ඉඩ තිබේ යයි සැක සිතීමට ඉඩ තිබිනි. නමුත් නබි නායකතුමාණෝ ජය ලබාගැනීම සදහා අල්ලාහ් වෙත යාඥ පැවැත්වූහ. තවද ධෛය්‍ය_ දෙන සටන් පාඨ පzකාශ කළහ. අවසාන යේදී මුස්ලිම්වරු ජය ලැබූහ.

උහද් යුද්ධය

පරාජයට පත්වූ කුෙරෙෂිවරු අධෛර්යමත් නොවූහ. නැවත වරක් මුස්ලිම් වරුන් සමග සටන් වැදීමට උත්සාහ දැරූහ. මීළඟ වර්ෂයේදී තුන්Þහසකින් යුත් සේනාවක් සමග මදීනාව බලා පිටත් වූහ. කුෙරෙෂි හමුÞවේ නායකයා වූයෙ අබූ සුපියාන් නැමැත්තාය. මොහු නබිනායකතුමාණන්ගේ හතුරෙකු වශයෙන් කටයුතු කළේය. කුෙරෙෂි හමුදාවට මක්කම සිටි ස්තzීන් විශාල සංඛ්‍යාවක් ද එකතු වුහ. යුද්ධ අවසිථාවේදී එම ස්තzීහු සටන් සඳහා පිරිමින් උද්‍යෝගිමත් කළහ. යුද්ධය පැවැති සිථානයට නුදුරින් සිට රබන් ගසමින් යුද්ධ හටයින් උනන්දු කළෝය. මෙම යුද්ධයේ අරමුණ වූයේ බද්ර් යුද්දයේදී මරුමුවට පත්වූ අය වෙනුවෙන් පලි ගැනීමයිග උහද් කඳු සමීපයේ මෙම යුද්දය සිදුවූ බැවින් මෙය උහද් යුද්ධය නමින් හැදින්වේ. ඉතා දරුණු අන්දමින් පැවැත්වූණු මෙම යුද්ධයේදී මුස්ලිම් වීරයෝ ඉතා ධෛර්යමත්ව සටන් කළහ. මුස්ලිම්වරුන්ගේ සංඛාව ඉතා අඩුය. කුෙරෙෂිවරු තුන්දහසක් වෙනුවෙන් මුස්ලිම්වරු සිටියේ හත්සියයක් පමණි. යුද්ධය පවතිද්දී එක් අවස්ථාවක නබි නායකතුමාණන්ගේ අණ පරිදි තවන් ආරක්ෂා කරමඅන් සිටි එක් ස්ථානයකින් මුස්ලිම් වීරයන් කීප දෙනෙක්ම තම කණ්ඩායමට ජය ලැබුණැයි සිතා එම සිථානය හැර ගොස් කුෙරෙෂාවරුන්ගේ කඳවුර තුළ තිබු භාණ්ඩ ගැනීමට පටන් ගත්හ එබැවින්. ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ තැන කිසිවෙක් නොවීය. එබැවින් එම සිථානයෙන් ඇතුල්වූ සතුරෝ මුස්ලිම්වරුන්ට පහරදීමට පටන් ගත්හ. මේ සිද්ධියෙන් මුස්ලිම්වරුන් කීපදෙනෙක්ම මරුමුවට පත්වූහ. මේ අවස්ථාවේ කුෙරෙෂි වරු සමග සිටි කාලිද් ඉබ්නු වලීද් නමැත්තා නබිනායක තුමාණන් මරා දැමු බවට බොරු පzචාරයක් ගෙන ගියේය. මේ නිසා මුස්ලිම්වරු වැඩිදෙනෙක් අධෛර්යමත් වූහ. නබිනායකතුමාණන් මරුමූවට පත්වූයේ නැතත් මෙම බොරු පzචාරය ගෙන ගියේ එතුමාණන් දකින්නට නොසිටි නිසාය. සොයා බැලූ විට මුහම්මද් නබිතුමාණන් ඉක් ගුහාවක සිහිසන් නැතුව සිටින බව අබූබක්ර් (රලියල්ලාහු අන්හු) දැක්කේය. පසුව වෙනත් අයද එතැනට ගොස් නබි තමාණන් එලියට ගෙනාවෝය. පසුව සිහිසන් ලැබූ නබි නායකයානෝ සුවපත් වූහ. සතුරෝ විනාශකර දැමීමට අල්ලාහ් වෙත යාඥා කරන ලෙස මුස්ලිම්වරුන් ඉල්ලූ විට ‘මිනිස් සංහතියට හොඳ මාර්ගය පෙන්වාදීමටයි මා පැමිණ සිටින්නේ’ ඔවුන් විනාශ කිරීමට නොවේය’ යි එතුමාණෝ පැවසුවෝය. කුෙරෙෂිවරු යහපත් පිරියක් කරදෙන ලෙස ඉල්ලා නබි නායකතුමාණන් යාඥා කළහ. මේ සිද්ධියෙන් එතුමාණන් සතුරන්ට ආදරය දැක්වූ බව අපට දැනගත හැක. තම සතුරන්ට පවා විරුද්ධව උන්වහන්සේ කිසිදිනෙක යාඥා නොපැවත්වූ සේක.

නබිනායක තුමාණන් සුවපත් වී සිටිනුදුටු මුස්ලිම් වීරයෝ ධෛර්යමත් වූහ. නැවත වරක් සියලූම විරයෝ එකතුව හතුරන්ට බලවත්සේ පහර දුන්හ. සතුරෝ පරාජයට පත්වූහ. දෙවෙනි අවස්ධාවේදී ද මුස්ලිම්වරුන් හට මහා ජයගzහනයක් අත්පත් විය. මෙම උහද් යුද්ධයට පසුවද මුස්ලිම්වරුන් හට වෙනත් යුද්ධවලට මුහුණ දීමට සිදුවිය. ඒවායින් ජය ලබා ගත්හ. මුස්ලිම්වරුන්ගේ ජයගzහනය දුටු අනෙකුත් අයද ඉස්ලාම් ආගම වැළඳ ගත්තෝය. මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව දවසින් දවස වැඩිවීය. මුස්ලිම්වරු සිථීර, ශක්තිමත් සමාජයක් බවට පරිවර්ථනය වෙමින් පවතින සමයේදී පවා නබි නායකයාණන් විසින් සතුරන්ගේ සියලුම වැරදි වලට සමාව දෙන ලදී. විශිෂ්ඨ ගුණංගවලින් නබි නායක තුමාණන්ගේ ජීවිත තොර තුරු අවබෝධ කරගෙන එතුමාණන් ආදර්ශයට ගෙන ජීවත්වීම මුස්ලිම් ජනයාගේ යුතුකමයි. මෙම යුද්ධයේ මුලදී බොරු පzචාර ගෙනගිය කාලිද් ඉබ්නු වලීද් පවා පසුව ඉසිලාම් ධර්මය වැළදගෙන නබිනායක තුමාණන්ට සම්පූර්ණ සහාය දුන්නේය. එම සහාය මුස්ලිම්වරුන්ගේ යුද්ධ ජයගzහනලෙට හේතුවක් ද විය.

නබිනායක තුමාණෝ ඉපදී හැදුණු වැඩුනු මක්කමේ වැසියන් එතුමාණන්ට හිරිහැර කළ නිසා එතුමාණෝ මක්කම ගැර ගොස් මදීනාවෙහි පදිංචි වූහ. නමුත් එතුමාණන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ නොතබා සතුරෝ යුද්ධ වලින් කරදර කළහ. දරුණු යුද්ධ නිසාම පzභූවරුන් සහ වැදගත් පුද්ගලයින් කීපදෙනෙක්ම මරුමූවට පත්වූහ. මේ අවාසනාවන්ත තත්වයේ කෙලවරක් දැකීමේ අභිපzායෙන් නබිනායකතුමාණෝ මක්කම වැසියන් සමග සටන් වදීමට තීරණය කළහ. විශාල හමුÞවක් ද රැස් කළහ. මෙම හමුÞ වේ නායකයා වශයෙන්ද එතුමාණෝ කටයුතු කළහ.

මක්කම නගරයට නුදුරින් යුද්ධය ආරම්භ විය. සතුරෝ ධෛය්‍යිමත්ව සටන් කළහ. නමුත් සතුරන්ට ඉඩ නොදී මුස්ලිම්වරුද වඩාත් ධෛය්‍යිමත්ව සටන් කළහ. අවසානයේදී සතුරෝ පරාජයට පත්වූහ. මක්කම වාසීන්ගේ පzධානියා වූ අබූසුපියාන් ද ඉස්ලාම් ආගම වැලඳ ගත්තේය. එම නිසා මක්කම නගරය තුළ යුද්ධ ඇති වීමෙන් වැළකින. යුද්ධයක් නොමැතිව නබිනායක තුමාණන්ට සහ එතුමාණන්ගේ පිරිසට මක්කමට ඇතුල් වීමට අවස්ථාව ලැබින.මක්කම ජයගzහනය කිරීමත් සමගම නබිනායක තුමාණන්ගේ කීර්තිය ද පැතිර ගියේය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: